මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රු.කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
සැකකරු මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙක්.
ඔහු එම මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.