හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්

හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්

හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්

ජෛව විවිධත්වය අනුව උණුසුම් ස්ථානයක් (Hotspot) ලෙස සැළකෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා ඩයගමින් නව පිවිසුමක් විවෘත කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ඩයගම ප්‍රවේශපත් කවුළුව වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් ඔක්තෝම්බර් 28වනදා පෙරවරු 10.00ට සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ජනප්‍රිය ජාතික උ්‍යානයක් වනඅතර මේ වර්ෂයේ ජුනි මාසය වනතෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණි දෙස් විදේස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහක් පමණ වනවා.

ඩයගම ප්‍රවේශයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වන සංචාරකයින්ට උද්‍යානය තුළ සංචාරය කිරීමට ස්වභාවික මංපෙත් භාවිතාකළ හැකි වන්නේ පාගමනින් සහා පාපැදි මගින් පමණයි.

මුලුමනින්ම ස්වභාවික මංපෙතක් වන මෙම මාර්ගය වාහන භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන අතර මෙම මාර්ගය පරිසර හිතකාමී ස්වභාවික මංපෙතක් ලෙස ක්‍රියාත්මක වනවා.

ඩයගම මාර්ගය විවෘත වීමත් සමග හෝර්ටන් තැන්නට මාර්ග 3කින් පිවිසීමට හැකියාව ලැබෙන බවද සඳහන්.

ඔහීය සහ පට්ටිපොල මාර්ගයෙන් පැමිණෙන සංචාරකයින්ට ඩයගම මාර්ගයෙන්ද පැමිණ හොර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමේ අවස්ථාව උදාවන අතර එය සංචාරකයින්ට පහසුවක් වනවා.

එමෙන්ම ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුළුවල පවත්නා අනවශ්‍ය තදබදයද මගහරවා ගැනීමටද මෙමගින් අවස්ථාව ලැබෙන බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *