ව්‍යාජ ලේඛන සකසා රාජ්‍ය බැංකුවකින් රු.කෝටි 4ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකසා රාජ්‍ය බැංකුවකින් රු.කෝටි 4ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකසා රාජ්‍ය බැංකුවකින් රු.කෝටි 4ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකසා රාජ්‍ය බැංකුවක් හරහා ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

හිඳගල පදිංචි විශ්‍රාමික විදුහල්පතිනියක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාන්තාව අවස්ථා 26කදී පුද්ගලයින් 26 දෙනෙකුගේ නම් භාවිත කරමින් ව්‍යාජ ලේඛන සකසා මෙම මූල්‍ය වංචාව සිදුකර තිබේ.

රාජ්‍ය බැංකුවක් විසින හඳුන්වාදී ඇති ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර ප්‍රාදේශයට අයත් ශාඛා කිහිපයකින් මුදල් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය විමර්ශන ආරම්භ කර තිබුණි.

එහිදී පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කර ඇත්තේ අවස්ථා 26කදී පුද්ගලයින් 26 දෙනෙකුගේ නම් භාවිත කරමින් ව්‍යාජ ලේඛන සකසා රුපියල් හාරකෝටි විසිලක්ෂ පනස්පන් දහසක මුදල් වංචාවක් සිදුකර ඇති බවය.

2019 ඔක්තෝබර් 21වනදා එම ණය යෝජනා ක්‍රමය යටතේ කාන්තාවක් රුපියල් 17ත් ලක්ෂයක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධව සිදුකළ පරීක්ෂාවේදී රෝස් වර්ජිනියා ඩයස් නම් කාන්තාවක් එය ව්‍යාජ ලේඛන සකසා ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඇය කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ විශ්‍රාමික විදුහල්පතිනියක් වන නම්මුනි ආරච්චිගේ දයාවතී නම් කාන්තාවක් මෙම ව්‍යාජ ලේඛන සකස් කරදී ඇති බවය. එම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට නම් අයදුම්කරු අනිවාර්යයෙන් ගුරුවරයෙකු විය යුතු අතර ඊට ඇපකරුවන් වශයෙන් පෙනී සිටින පුද්ගලයින්ද ගුරුවරුන් වීම අනිවාර්ය කරුණකි.

අදාළ සැකකාර කාන්තාව ගුරුවරුන් නොවන පුද්ගලයින් 26 දෙනෙකු ගුරුවරුන් ලෙසට ව්‍යාජ ලේඛන සකසා තිබු බව විමර්ශනවලදී හෙළිවී ඇත. සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එම ව්‍යාජ ලේඛන සැකසූ පුද්ගලයින් අතර එක් අයෙකු උපන්දා සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු වන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මහජන පැමිණිලි අංශයේ විමර්ශන ක්‍රියාත්මක අතර සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *