ලංකාවේ වාණිජ බැංකුවක් නේපාල ධනකුවේරයෙකු යටතට

ලංකාවේ වාණිජ බැංකුවක් නේපාල ධනකුවේරයෙකු යටතට

ලංකාවේ වාණිජ බැංකුවක් නේපාල ධනකුවේරයෙකු යටතට

TPG Asia VI Pte Ltd විසින් තමන් යටතේ පැවති Culture Financial Holdings Ltd සමාගමේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන් අලෙවි කිරීමට කටයුතු කර තිබේ.

Culture Financial Holdings Ltd යනු මෙරට ලැයිස්තුගත වාණිජ බැංකුවක් වන යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස්කරුවායි. යූනියන් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් 70.84%ක අයිතිය ඇත්තේ Culture Financial Holdings Ltd සතුවය.

මෙලෙස TPG Asia VI Pte Ltd විසින් අලෙවි කළ Culture Financial Holdings Ltd හිමිකාරීත්වය මිලදී ගෙන ඇත්තේ CG Capital Partners Global Pte Ltd සමාගමයි. CG Capital Partners Global සිංගප්පූරුවේ සංස්ථාපිත සමාගමකි.

මේ අනුව Culture Financial Holdings Ltdහි කොටස් හිමිකාරීත්වය හරහා යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා බවට මේ වන විට CG Capital Partners Global Pte Ltd සමාගම පත්ව ඇත.

CG Corp Global(CG) යනු ආසියාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන අතර ලොව පුරා සමාගම් 160කට අධික සංඛ්‍යාවක් සහ 15,000කට අධික සේවක සංඛ්‍යාවකින් යුත් ගෝලීය වෙළඳපොලේ සන්නාම 123කට එය හිමිකම් කියනු ලබයි.

බැංකු සහ මූල්‍ය, සත්කාරක, සිමෙන්ති, ජල විදුලිය, විදුලි සංදේශ සහ අධ්‍යාපනය වැනි බොහෝ කර්මාන්තවලනිරත මෙම සමූහය නේපාලයේ මූල්‍ය සේවා කර්මාන්තයේ ප්‍රමුඛතම තරඟකරුවෙකි. නේපාල ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත විශාලතම බැංකුව වන Nabil Bank හි විශාලතම කොටස්කරුවා වන්නේද CG Corp Global(CG) සමාගමයි.

CG Corp Global(CG) සභාපති ආචාර්ය බිනෝද් චෞදරි මහතා මෙම වසර මුල දී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු එහිදී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමඟ හමුවකට එක්විය.

නේපාලයේ සිටින එකම ඩොලර් බිලියනපතියා වන බිනෝද් චෞදරි මහතා ගේ මුළු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 1.5 ක් ලෙසින් ගණන් බලා ඇත. Forbes වාර්තාවලට අනුව බිනෝද් චෞදරි මහතා ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 1,851 වැනියා වේ.

– ada derana

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *