උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීම් ඉදිරි වසර 3දී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීම් ඉදිරි වසර 3දී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීම් ඉදිරි වසර 3දී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර

ඉදිරි වසර 3 තුළදී උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කෙරෙන බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, මන්නාරම එරුක්කලම්පෙට්ටි නිවාස ගම්මානයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

මෙම ගම්මානය නිවාස 125කින් සමන්විතය. කුවේට් – සකාත් හවුස් ආයතනයේ මූල්‍යාධාරය යටතේ මෙය ඉදි කෙරෙන අතර එක් නිවසක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 18ක් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අවතැන්වූ පුද්ගලයන්ගෙන් 917,143 දෙනෙකු යළි පදිංචිකර ඇති බවයි.

යුද සමයේදී සරණාගතයන් ලෙස ඉන්දියාවට සංක්‍රමණය වූ පවුල් 3828 කට අයත් පුද්ගලයින් 9683 දෙනෙකු යළි මව්බිමට පැමිණ ඇති බවට අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *