මිලියන 4,000කට අධික හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදා භාරයට
කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට
රුපියල් මිලියන 4,000කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එහි සිටි සැකකරුවන් 05ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර නාවික හමුදා බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
සැකකරුවන් සහ හෙරොයින් තොගය (22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් තිබුණා
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.




