පසුගිය වසරේ කර්මාන්ත 2000 වැසී ගොස්, රැකියා 5,33,858ක් අහිමි වෙලා

කර්මාන්ත 2000 වැසී ගොස්, රැකියා 5,33,858ක් අහිමි වෙලා

කර්මාන්ත 2000 වැසී ගොස්, රැකියා 5,33,858ක් අහිමි වෙලා

විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් 533,858කට ගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරයි.

මෙසේ රැකියා අහිමි වූ පිරිසට කර්මාන්ත අංශයේ 396,159 දෙනෙක්ද සේවා අංශයේ 137,699 දෙනෙක්ද ඇතුළත් වෙති.

මේ අතර පසුගිය වසරේදී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි එම වාර්තාවල දැක්වෙන බව මහාචාර්යවරයා සඳහන් කරයි.

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ සේවා නියුක්ත පිරිසෙන් 66.1%ක් පැය 40 හෝ ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කර ඇති නමුත් එම වර්ෂයේ හතරවැනි කාර්තුවේදී පැය 40 හා ඊට වඩා වැඩියෙන් වැඩ කළ ප්‍රමාණය 61.7%ක් දක්වා අඩුවී ඇති බවද වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරයි.

මේ අතර එම වර්ෂයේදී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය (ශ්‍රම බලකායට සහභාගීවන ප්‍රමාණය) 51.2% සිට 48.9%ක් දක්වා අඩුවී ඇතැයි පෙන්වා දෙන මහාචාර්යවරයා වයස අවුරුදු 20-29 අතර තරුණ පිරිස්වල රැකියා නැතිකම (සේවා වියුක්තිය) 14.2% සිට 17.2% දක්වා වැඩිවී ඇතැයිද එම වාර්තාවල දැක්වෙන බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කම්හල් බොහොමයක් වැසී ගොස් ඇත්තේ අමුද්‍රව්‍යවල අධික මිල, විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑම යනාදී හේතු නිසාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *