කොළඹ වැසි ජලයෙන් යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් කොළඹ නගර සභාවට නියෝගයක්

ජලයෙන් යටවූ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්
කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙසට, පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් කොළඹ නගර සභාවට නියෝගය නිකුත් කර ඇත.
මේ දිනවල ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇත.
ඒ හේතුවෙන් මහජනතාවගේ දෛනික කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.
නගරවැසියන් මෙන්ම අග නගරයට දෛනිකව පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මුහුණ දීමට සිදු වන එම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අවධානය යොමු වී ඇත.