වත්මන් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් අට වැදෑරුම් යෝජනාවලියක් ජනපතිට
වත්මන් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇතුළත් අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී (13) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම යෝජනාවලිය බාර දී ඇත.
බුද්ධි ගලනය, සෞඛ්‍ය ගැටලු ඇතුළු වෛද්‍යවරුන්ට බලපාන කරුණු සහ ඒවාට ගත යුතු පියවර අතුළත් කරුණු මෙම යෝජනාවලියේ අන්තර්ගත බව ජනාධිපති කාර්යාලය පවසයි.