හෙරොයින් මත්දව්‍ය සන්තකයේ තබාගත් ඉරාන ජාතිකයන් 09 දෙනාට ජීවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම්

0
විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 660ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 660ක් අත්අඩංගුවට

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව අකුරල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 09 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් (12)වැනි දා නියම කළේය.

වසර 04 කට ඉහතදී හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිලිගන්නා බව දැනුම් දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින්,  ඔවුන්ට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් වහාම රටින් පිටුවහල් කිරීමටද නියම කළේය.

2019 මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු අකුරල මුහුදු තීරයේදී හෙරොයින් මත්දව්‍ය ග්‍රෑම් 83.654ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com