පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම නීතිවිරෝධී ක්‍රියාවක්- ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
(08)වැනි දා පළවීමට නියමිත “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙරට තුළ එබඳු පරීක්ෂණයක් පැවැත්වීම නීතිවිරෝධී බවය.
“ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ එලෙස පවසයි.
උපුටාගැනීම:
“කතෝලික රදගුරු සංගමයේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තී හිමියන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909 කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමියන් වෙත භාර දෙන ලදි.
කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමියන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා (06), එනම් 05වනදා දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ රදගුරු හිමියන් ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව තමාත් අධ්‍යයනය කරමින් සිටින බවයි.
ඒ අනුව එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටී.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට අපට එකඟවීමට හැකියාවක් නොමැත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැත. ඒ අනුව එබඳු පරීක්ෂණ පැවැත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් වෙයි.
චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීම සඳහාද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
රදගුරු සමුළුව කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමටද රජය බලාපොරොත්තු වෙයි”.
උපුටා ගැනීම අවසන්.