වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයි

වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයි

වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයි

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බවට, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා (04)වැනි දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේය.

එමෙන්ම පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ,

“මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළදී විශේෂයෙන්ම මේ පුද්ගලික වාහනවලට අදාළව එච්.එස් කේත 304කට අදාළ වන සීමාකිරීම් හැර අනෙකුත් සීමා කිරිම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී පුද්ගලික පරිභෝජනය සඳහා වන මේ වාහනවලට අදාළව එච්.එස් කේත 304 හැර අනෙක් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා.” ලෙසයි

“ඒ තුළ අනෙකුත් භාණ්ඩ සඳහා එච්.එස් කේත 299කුත් ඒවගේම විශේෂයෙන්ම වාණිජ වාහන සඳහා එච්.එස් කේත 67කුත් අදාළ වෙනවා . ඒකේදි මුලදි ගත්ත ක්‍රියාමර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කළා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *