පාසල් සිසුන්ට පාවහන් ගැනීමට වවුචර්පත් – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක්

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක්

ඉදිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී වැඩි කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ගාල්ල ගිංතොට සහිරා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

එසේම ලබන වසරේ සිට පාසල්වල අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන අතර ඒ යටතේ බාගෙට අවසන් කර ඇති පාසල් ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත් නව විද්‍යාගාර වැනි අත්‍යවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් හැකියාව ලැබෙන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *