2023 ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය එළිදක්වයි

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය එළිදක්වයි
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය එළි දක්වා තිබේ.
මෙම ගීතය නම් කර තිබෙන්නේ “දිල් ජශන් බෝලේ” ලෙසය.
දක්ෂ බොලිවුඩ් රංගන ශිල්පී රන්වීර් සිං ගීතයට රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර ගීතයේ සංගීත අධ්‍යක්ෂනය කර තිබෙන්නේ බොලිවුඩ් චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රීතම් චක්‍රබෝර්ති විසිනි.
ඔහු ඇතුළු ගායන ශිල්පීන් 7 දෙනෙකු මෙම ගීතය සඳහා ගායනයෙන් දායකත්වට ලබා දෙයි.
“දිල් ජශන් බෝලේ” ගීතය මේවන විට අන්තර්ජාලයට මුදා හැර තිබේ.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05වැනිදා සිට නොවැම්බර් 19වැනිදා දක්වා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.
ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වෙයි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතිය හිමි කරගෙන තිබෙන්නේ සිරස මාධ්‍ය ජාලයයි.