මාලදිවයිනේ නව ජනාධිපතිවරයා මොහොමඩ් මුයිසු

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා මොහොමඩ් මුයිසු

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා මොහොමඩ් මුයිසු

මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය.
ඒ අනුව මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ 45 හැවිරිදි මුයිසුය.

මුයිසු දිනූ ඡන්ද ප්‍රතිශතය සියයට 54ක් බව පැවැසෙයි. මුයිසු මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. මුයිසු චීන හිතවාදියෙකි.

ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී, මුයිසු සමඟ තරග වැදුණු මාලදිවයින ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රහීම් සෝලී, පරාජය බාර ගනිමින් මුයිසුට සුබ පතා තිබේ. ඊබ්‍රහීම් සෝලී ඉන්දීය හිතවාදියෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *