රාජසන්තක කෙරුණු වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගත වේ

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රාජසන්තක කෙරුණු වාහන සහ බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරන තෙක් රේගු අධීක්ෂණයේ රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව පෞද්ගලික ආයතනයකින් ගිවිසුම්ගතව ලබාගත් වර්ග අඩි 18,000ක අංගනයක මේ වසරේ ජනවාරි 31 දක්වා වාහන 435ක්ද බහාලුම් 91ක්ද රඳවා තිබුණ බව එම වාර්තාවේ දැක්වේ.

විවිධ වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර පහකට අධික කාලයක සිට එම භූමියේ රඳවා තිබුණු බවත් මෙම වාහන සහ බහලුම් රැඳවීම සඳහා යොදාගත් භූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව ඒ භූමිය අයත් පෞද්ගලික ආයතනයට රුපියල් කෝටි 8 කට ආසන්න වටිනා අධික කුලී මුදලක් ගෙවා තිබූ බවත් විගණන අංශ පවසයි.

වසර පහකට අධික කාලයක සිට ගාල්කර ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොපමාව ගත යුතු බව විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *