ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක්
ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.
සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ඒ සඳහා පත්කර ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිඳභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය කිරීම එම කමිටුවේ මුලික කාර්යභාරය වේ.