රුපියල් කෝටියක අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කරයි.

එම සැකකරු සමඟ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් දහයක් ජාවාරමෙන් උපයා ගත් බවට කියන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් හා විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 39 හැවිරිදි සැකකරු දෙහිවල පදිංචි කරුවෙකි.

මෙම සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *