රු. මි 300ක් වටිනා කොකේන් කිලෝ 04ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ අත්අඩංගුවට

රු. මි 300ක් වටිනා කොකේන් kg 04ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ අත්අඩංගුවට
රුපියල් කෝටි 30ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු 26 හැවිරිදි කෙන්යානු ජාතික මෝටර් රථ ව්‍යාපාරිකයෙකි.
මෙම කෙන්යානු ජාතිකයා ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ” කුකීස්” බිස්කට් අඩංගු ටින් 03ක් තුළ කිලෝ ග්‍රෑම් 04ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය කරල් 180ක් සගවා ගෙන පැමිණ තිබූ අතර ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Chanel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වන අවස්ථාවේ දී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.