අල්ලස් කොමිසම පැවරූ නඩු 89කින් 45ක්ම ඉල්ලා අස්කරගෙන; අවසන් නොකළ ලිපිගොනු 1508ක්

අල්ලස් කොමිසම පැවරූ නඩු 89කින් 45ක්ම ඉල්ලා අස්කරගෙන; අවසන් නොකළ ලිපිගොනු 1508ක්

අල්ලස් කොමිසම පැවරූ නඩු 89කින් 45ක්ම ඉල්ලා අස්කරගෙන; අවසන් නොකළ ලිපිගොනු 1508ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් මින් යළි පවරා ඇත්තේ නඩු විස්සක් පමණක් බවද එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අතර අල්ලස් කොමිසම පැවරූ නඩු 18ක චූදිතයන් 2021 වර්ෂයේදී නිවැරැදිකරුවන්වී තිබූ බවත් වැරදිකරුවන්වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2021 වර්ෂයේදී නඩු 69ක් අවසන් කර තිබූ නමුත් ඉන් නඩු හතළිහක් පසුව ඉල්ලා අස් කරගෙන තිබිණැයි කියන විගණන කාර්යාලය එය මුළු නඩු සංඛ්‍යාවෙන් සියයට පනස් අටක ප්‍රතිශතයක් බවද ප්‍රකාශ කළේය.

මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් පැවතුණු බවත් ඉන් ලිපිගොනු 489ක් වසර පහකට වැඩි කාලයකට අයත්වූ ඒවා බවත් වාර්තාවේ දැක්වේ.

අවසන් නොකළ ලිපිගොනු 926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31දින තෙක්ම පැවතුණු නමුත් ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කර අවුරුදු තුන හමාරක් පමණ ගත වී ඇතත් එහි සඳහන් කාර්යයන් 27න් ක්‍රියාත්මක කර ඇත්තේ කාර්යයන් 11 පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 36ක්ද තෘතීක මට්ටමේ පුරප්පාඩු 203ක්ද ද්විතීක මට්ටමේ පුරප්පාඩු එකසිය පනස් අටක්ද ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු පනස් හයක්ද විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15ක්ද පසුගිය වසරේදී පැවති බව විගණන කාර්යාලය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *