ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්, අවසාන පූර්ව වටයට සුදුසුකම්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ට ජයක් සමග අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබයි
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.
චීනයේ Hangzhou ක්‍රිකට් පිටියේ පැවති අර්ධ අවසාන පූර්ව වටයේ තරගයෙන් තායිලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක ජයක් හිමි කර ගත්තා.
පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 15කට සීමා කෙරුණු අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කණ්ඩායම සිය පන්දුවාර 15දී කඩුලු 7ක් දැවී ලකුණු 78ක් රැස්කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනොෂි ප්‍රියදර්ශනී ලකුණු 10ට කඩුලු 4ක් දවා ගත්තා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10.5කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
මෙහිදී අනුෂ්කා සංජීවනී ලකුණු 32ක් සහ චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කිරීමට සමත් වුණා.