පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රිගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසය අලි සබ්‍රි රහීම් ව නෙරපයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසය අලි සබ්‍රි රහීම් ව නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය තාවකාලිකව අත්හිටවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙනෙන ලද යෝජනා සම්මතයට (22) පාර්ලිමේන්තුවේදී අනුැතිය හිමි වුණා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් සිදු කර ඇති නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති බැවින් අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ චර්යාවන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරන හෙයින්ද, එකී විමර්ශනය අවසන් වන තෙක් අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය නොකළ යුතු යැයි අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා ගෙනා යෝජනාව විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කිරීමෙන් පාර්ලිමෙන්තුව විසින් අනුමත කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *