කැනඩා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත්තේ තර්ජනයක් හේතුවෙන් – ඉන්දීය විදේශ අමාත්‍යාංශය

කැනඩා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත්තේ තර්ජනයක් හේතුවෙන් – ඉන්දීය විදේශ අමාත්‍යාංශය
ඉන්දියාව කැනඩා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත්තේ වැඩ කරන කාර්ය මණ්ඩලයට ඇති ආරක්ෂාව පිළිබද තර්ජනයක් හේතුවෙන් බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඉන්දියාවට ඇතුළු වීම සදහා වීසා බලපත්‍ර නිකුත් කරන කැනඩාවේ ඔටාවාහි පිහිටි මධ්‍යස්ථානයේ සේවා කටයුතු අත්හිටුවීමට ඉන්දියාව ඊයේ කටයුතු කළා.
ඔවුන් ප්‍රකාශ කළේ මෙහෙයුම් කටයුත්තක් හේතුවෙන් වීසා නිකුත් කිරීම අත්හිට වූ බවයි. එහෙත් එය ආරක්ෂාව පිළිබද තර්ජන හේතුවෙන් අත්හිට වූ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
කැනඩාවේ වැන්කුවර් හිදී සීක් නායක හර්දිප් සිං ඝාතනය කිරීමට ඉන්දියාව සම්බන්ධ වී ඇති බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කර තිබුණා.
එහෙත් එය ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. මෙම ප්‍රකාශ හේතුවෙන් ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.