රජයේ නිල රථ 2000ක් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන

රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ 2000ක් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන

රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ 2000ක් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන

විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට, පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වේ.

මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

සමහර ප්‍රධානීන් තමන්ගේ පෞද්ගලික වාහන තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී කුලිය ලබා ගන්නා අතරේම ඒවා නිල රථ ලෙසද පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වේ.

ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන්ගේ පාසල් ගමන් සඳහා මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවට බුද්ධි අංශවලට පෙනී ගොස් ඇත. පවුල්වල සාමාජිකයන්ගේ ගමන් බිමන් සඳහා එම ආරක්ෂක අංශවල රියදුරන්ද යොදාගෙන තිබීමත් ප්‍රධානීන්ට රජයෙන් දෙන ඉන්ධන පාවිච්චි කිරීමත් හේතුවෙන් මෙම පාඩුව දෙගුණ තෙගුණ වන බව බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.

මෙම බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුවී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *