ශ්‍රී ලංකාවේ ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් ප්‍රංශයෙන් ආධාර

ශ්‍රී ලංකාවේ ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් ප්‍රංශයෙන් ආධාර

ශ්‍රී ලංකාවේ ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් ප්‍රංශයෙන් ආධාර

රටේ ළමුන් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට, ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රංශය, යුනිසෙෆ් හරහා යුරෝ 500,000ක් පරිත්‍යාග කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුනිසෙෆ් ආයතනයට, මෙම දායකත්වය මගින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේ. තීව්‍ර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් පිළිබඳවත් දෙමාපියන් සහ භාරකරුවන් දැනුවත් කරනු ලැබේ.

මන්දපෝෂණය සඳහා වහා ප්‍රතිකාර නොකළහොත් එය, දරුවාගේ ශාරීරික හා සංජානන වර්ධනයට හානි කළ හැකි හෝ මරණයට පවා හේතුකාරක විය හැකි අතර විශේෂයෙන්ම දරුවාගේ ජීවිතයේ පළමු වසර දෙක තුළදීත් බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ඇති අවස්ථාවන්ටත් එය අහිතකර ලෙස බලපානු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය නිසා ඇතිවන දුෂ්කරතා, පවුල් වලට බලපෑම් එල්ල කරන අතර විශේෂයෙන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි කුටුම්භයන්ට වැඩි වශයෙන් බලපායි. ක්‍රමවත් සහ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා ප්‍රවේශය ලබාගැනීමට බොහෝ යොවුන් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නොහැකි බැවින් ඔවුන් මන්දපෝෂණයේ අවදානමට ලක් වේ.

මෙම දායකත්වය මඟින් UNICEF සහ එහි හවුල්කරුවන්;

– උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 1,500 කට චිකිත්සක ආහාර සැපයීම හරහා ප්‍රතිකාර කරයි.

– මාස 6-23 අතර ළමුන් 120,000කට ඌනතා මඟහරවා ගැනීමට සහ මන්දපෝෂණය වැළැක්වීම සඳහා ක්ෂුද්‍ර පෝෂක ලබා දෙයි.

– 200,000ක් දෙමාපියන්ට/භාරකරුවන්ට තම දරුවන් අතර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි පිළිවෙත් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙයි.

“ප්‍රංශයෙන් ලැබෙන මෙවැනි දායකත්වයන්, මන්දපෝෂණය සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍ය ළමුන් සඳහා අපගේ අඛණ්ඩ ප්‍රතිචාරය ඉහළ නැංවීමට දායකවන අතර මන්දපෝෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීමට උපකාරී වන අපගේ ඒකාබද්ධ උත්සාහයන් ඉහළ නංවයි” යනුවෙන් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පවසයි. “සෑම දායකත්වයක්ම නියෝජනය කරන්නේ දරුවෙකුට
නිරෝගීව වැඩීමට සහ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඵලදායී පුරවැසියෙකු ලෙස වර්ධනය වීමට අවස්ථාවකි.”

යුනිසෙෆ් ආයතනය, ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ වඩාත් අවදානමට ලක්විය හැකි අය සහ ඔවුන්ගේ පවුල් දරිද්‍රතාවයේ දරුණුතම බලපෑම්, COVID-19 සහ වර්තමාන ආර්ථික දුෂ්කරතාවලින් මිදීම සහතික කිරීම සඳහා කඩිසරව සිය කාර්යයේ නිරතව සිටියි.

“ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයකින් කටයුතු කරන අතර යුනිසෙෆ් හරහා ලබාදෙන මෙම දායකත්වය, ශ්‍රී ලංකාවේ ළමුන් සහ ජනතාව සඳහා අපගේ හවුල් දැක්මේ එක් නිරූපණයක් පමණි” යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැකට් මහතා පැවසීය.

මෙම දායකත්වය, ප්‍රංශයේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ තිරසාර කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර උපාය මාර්ගය (2019-2024) සහ එහි, “වර්ධනය සඳහා පෝෂණය” (N4G) නම් මුලපිරුම යන දෑත්; සැමට සෞඛ්‍ය සම්පන්න, පෝෂණීය සහ ප්‍රමාණවත් ආහාර සහතික කිරීමත් ආහාර ස්වාධීනත්වය නැවත ඇති කරගැනීම සඳහා ජනගහනය සක්‍රීය කිරීමත් සමඟ අනුකූල වේ. ප්‍රංශය මීළඟ N4G සමුළුව 2024 දී පවත්වනු ඇති අතර මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමේ අභිලාෂකාමී කැපවීම් සඳහා ප්‍රධාන පෝෂණ ක්‍රියාකාරීන් එක් කිරීමට බලාපොරොත්තු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *