මෙරට උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් 5%ක් – ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති

ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ක්‍රියාත්මකයි

ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ක්‍රියාත්මකයි

මෙරට උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් සියයට 05ක් පමණ සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියනත මහතා පැවැසීය.

පසුගිය දිනයන්හි පැවැත් වූ ජංගම සේවාවන් මඟින් උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් 14000කට උප්පැන්න සහතික නිකුත් කළ බව හෙතෙම පැවසීය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව උප්පැන්න, විවාහ හා මරණ සහතික නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ විශේෂ ජංගම සේවාවක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ (12) පැවති අතර ඊට එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

වතුකරයේ බොහෝ ජනතාවකට උප්පැන්න සහතික නොමැති බවත් ඒ පිළිබඳ සොයාබලා කඩිනමින් උප්පැන්න සහතිකයක් ලබාදීම රජයේ අරමුණ බවත් ඒ මහතා පවසා සිටියේය.

වසර 45ක් නීත්‍යානුකූල විවාහ නොවී එකට ජීවත් වූ යුවලක් නීත්‍යනුකූලව විවාහ කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදුකළ අතර එහි සාක්ෂියට රාජ්‍ය ඇමැතිවරයා සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අත්සන් කරනු ලැබිණි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම ජංගම සේවාව තුළින් උප්පැන්න, මරණ හා විවාහ සහතික 300ක් ආසන්න ප්‍රමාණයක් නිකුත් කරනු ලැබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *