ව්‍යාජ ස්ටිකර් හේතුවෙන් මත්පැන් බෝතලයකින් රජයට රු. 2900ක බදු වංචාවක්

මත්පැන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝගයක්

මත්පැන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝගයක්

ව්‍යාජ ස්ටිකර් නිසා මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 2900ක බදු වංචාවක් සිදුවන බැවින් දැනට තිබෙන ස්ටිකර් ටෙන්ඩරය අවලංගු කර නැවත වහාම ටෙන්ඩර් කැඳවන්නැයි ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අදාල අංශවලට නියෝග කළේය.

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු වාර්තාවේ නිර්දේශ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාක්ඡාවක් ඉකුත්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති අතර එහිදී එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ඒ බව සඳහන් කළේය.

ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කරක සභාවේ නිර්දේශ මත සිදු කළ වැටලීම්වලින් ඉක්තු සතිය වන විට ව්‍යාජ අරක්ෂක ස්ටිකර් සහිත මත්පැන් බෝතල් 48,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයිද මන්ත්‍රිවරයා කියා සිටියේය.ඉන්දියානු සමාගමකට ආරක්ෂක සිටිකර් මුද්‍රණයට අවසර දී ඇත්තේ 2018 වසරේ වන අතර මේ දක්වා වසර පහක කාලය තුළ ව්‍යජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීම්වලින් රුපියල් කෝටි 4ක දඩ මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *