කොවිඩ් වෛරසයට දින ගණනාවක් සිල්ලර බඩු මත රැඳී සිටිය හැකි – එක්සත් රාජධානියේ පරීක්ෂණයකින් අනාවරණය අනාවරණය වේ

0
සියලුම සිල්ලර වෙළෙඳ භාණ්ඩවල තොරතුරු 7ක් සටහන් කිරීම අනිවාර්යයි

සියලුම සිල්ලර වෙළෙඳ භාණ්ඩවල තොරතුරු 7ක් සටහන් කිරීම අනිවාර්යයි

කොවිඩ් වෛරසයට දින ගණනාවක් සිල්ලර බඩු මත රැඳී සිටිය හැකි බව, එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකින් සොයාගෙන ඇත.

මෙම පරීක්ෂණය විශේෂඥයින් සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය සඳහායි. ඒ සඳහා පිසීමකින් තොරව හෝ පිරිසිදු කිරීමකින් තොරව ආහාරයට ගත හැකි අහාර ඔවුන්ගේ පරිෂණයට භාජනය වී ඇත. පළතුරු, පේස්ට්‍රි, බේකරි නිෂ්පාදන සහ බෝතල් කළ බීම ඇතුළු ඇසුරුම් සහ ආහාර නිෂ්පාදනවලට කොවිඩ් වෛරසය ආලේප කර එම වෛරසයේ ජීව කාලය පරීක්ෂාකොට තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ පැය 24 කාලය තුලදී කොවිඩ් වෛරස් මට්ටම්වල “සැලකිය යුතු පහත වැටීමක්” සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී කොවිඩ් වෛරසය සතියක කාලයක් එම ආහාර නිෂ්පාදනවල පැවති ඇති බවටද පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

කොවිඩ් වෛරසය රසායනාගාරයක් තුලදී කෘතිමව එම ඇසුරුම් සහ නිෂ්පාදනවලට අලේප කර ඇති බැවින් සිල්ලර වෙළෙඳාමේදී ඇති පරිසරය සැලකිල්ලට ගනිමින් මෙම වෛරසයේ ජීවය ඉතා අඩුවිය හැකි බව විශේෂඥයින් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අත් සේදීම සහ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමන කිරීම හැරුණුවිට ආහාර පිළියෙළ කිරීමේදී හෝ ආහාරයට ගැනීමට අමතර පූර්වාරක්ෂාව අවශ්‍ය නොවන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com