විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් 358කට රු. ලක්‍ෂ 93ක ශිෂ්‍යත්ව ප්‍රධානය කරයි

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් 358කට රු. ලක්‍ෂ 93ක ශිෂ්‍යත්ව ප්‍රධානය කරයි

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් 358කට රු. ලක්‍ෂ 93ක ශිෂ්‍යත්ව ප්‍රධානය කරයි

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දරුවන් 358කට රුපියල් ලක්‍ෂ 93කට ආසන්න ශිෂ්‍යත්ව පිරිනැමූ බව එම කාර්යංශය පැවසීය.

විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන් 2021 වසරේ දැක්වූ අධ්‍යාපන කුසලතා අනුව එම ශිෂ්‍යත්ව පිරිනැමූ බවත් එම ශිෂ්‍යත්වය මහපොල ශිෂ්‍යත්වය පමණක් දෙවැනි වන බවත් විදේශ රැකියාවල නියුක්ති කාර්යංශය පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එම ශිෂ්‍යත්ව ප්‍රධාන පැවැත්විණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකාර සජිත් චාමින්ද මහතා එහිදී පැවසුවේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ දරු දැරියන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සිය පවුල් සබඳතා තාවකාලික අතහැර රටින් බැහැරව ගියත් ඔවුන්ගේ පවුල රැක ගැනීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය මැදිහත් වන බවත්ය.

එම ශිෂ්‍යත්ව ලැබීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවරැදි පුහුණුව ලබා නීතියානුකූල අයුරින් විදේසගත වීමත්, කාර්යංශයේ ලියපදිංචි වීමත් අනිවාර්ය බව ඒ මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *