ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

0
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා (06) නියෝග කළේය.

සැකකරු ඇප මතමුදාහැරිය හොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමේ ඇති හැකියාව හේතුවෙන් ඇප පනතේ 14 (1)(2) වගන්ති ප්‍රකාරව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුගේ හඬ පරීක්ෂාවක් සඳහා ලබන 13 වැනිදා පෙරවරු 9.00ට රජයේ රස පරික්ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ වින්දිත ක්‍රිඩකයින් දෙදෙනාට විදෙස් ජාතිකයන් දෙදෙනකු යැයි කියන ‘ෂර්බි’ සහ ‘ශ්ලේඩ්’ යන අයවලුන් දෙදෙනකු වට්ස්අප් මගින් අමතා ඇති අතර, එම නම් දෙකකින් කතා කර ඇත්තේ ‘ජාත්‍යන්තර බුකීකරුවකු’ බවට හඳුනාගෙන ඇති බවත් මෙම සැකකරු ඔවුන්ගේ ‘ශ්‍රී ලාංකික නියෝජිතයා’ බවත් පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම තරඟ පාවාදීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට මේ රටේ නමගිය තවත් ප්‍රබල පුද්ගලයන් රාශියක් සම්බන්ධව ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බවත්, ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයේදී තොරතුරු හෙලිකරනු ලබන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com