166,938කට සරසවි වරම්; 2022(2023) උසස්පෙළ අපේක්ෂකයන්ට සැප්තැම්බර් 11 සිට 16 දක්වා නැවත අයදුම් කිරීමට අවස්ථාව

උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මෙලෙස සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් 149,487ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 17,451ක් සිටින බවය.

මේ අතර මෙවර පාසල් අයදුම්කරුවන් 59 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් 25 දෙනෙකුගේද ප්‍රතිඵල අත්හිටුවා ඇත.

2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 263,933කි.

මේ අතර 2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ට පමණක් නැවත 2023 උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සැප්තැම්බර් මස 11 සිට සැප්තැම්බර් 16 වනදා දක්වා https://onlineexams.gov.lk/eic හරහා නැවත අයදුම් කිරීම අවස්ථාව ලබාදී ඇත.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic හරහා සැප්තැම්බර් මස 07 වනදා සිට 16 වනදා දක්වා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

එසේම ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ සිට පැය 24ක් ඇතුළත සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හට https://onlineexams.gov.lk/eic වෙත පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහනක් භාගත කිරීම සඳහා ද පහසුමක් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඇතුළත්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්.

ඔබේ ප්‍රතිඵල මෙතැනින් බලන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *