බහලුම් ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු ඉහළට

ආනයන අපනයන ප්‍රවාහන ගාස්තුව (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5කින් ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.

මේ අතර (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව බස් ගාස්තුව සියයට 4.00කින් ඉහළ දමනු ඇති.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවය.
එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තුද ඉහළ දමන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *