MTFE ආයතනය මහජන මුදල් බිලියනයක් වංචා කරයි.. අධ්‍යක්‍ෂකගේ ඇප ප්‍රතික්ෂේප කරයි – CID අධිකරණය

0

පිරමිඩාකාර මූල්‍ය ගනුදෙනුවක නිරත වන්නේ යැයි චෝදනා එල්ල වී මහ බැංකු විසින් හා රහස් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරමින් ඇති MTFE ආයතනය විසින් රුපියල් බිලියනයක වැඩි මුදලක් නීතිවිරෝධී අයුරින් මහජනයාගෙන් එක්රැස් කරගෙන තිබෙන බව අධිකරණයට වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ මෙම ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නොවන බවත් මෙරට විශාල පිරිසකගෙන් නීතිවිරෝධි ලෙස මුදල් එක්රැස් කර ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇති බවත් ය.

2022 වසරේ සමාගම් මැදුරේ සමාගමක් ලෙස මෙම ආයතන ලියාපදිංචි කර ඇතත් එම සමාගම කටයුතු කරන නිවැරදි ආකාරයක් දක්වා නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ අතර විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින එම ආයතනයේ අධ්‍යක්ෂකවරයකු වන ආර්.ඩී.ඩී. තුෂාර ජයවංශ විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com