මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

මාස 6ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට (17)වැනි දා අනුමැතිය ලබා දී ඇත.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ 2023 අගෝස්තු මස 18 වැනි දින සිට මාස 6ක කාලයක් සදහා පමණක් විදුලිය මිලදී ගැනීම සදහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදු කළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබද ස්වාධීන විගණනයක් සිදු කළ යුතුයි.

එමෙන්ම කොත්මලේ පොල්පිටිය 220 kv රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රිය කළ යුතු අතර අවම පිරිවැය මත පදනම් ව මෙම විදුලිය මිලදී ගැනීම සිදු කළ යුතු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *