රු. කෝටි 400ක සුඛෝපභෝගී වාහන ව්‍යාජ ලිපිලේඛණ සකසා ලියාපදිංචි කරලා

0
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා - ශ්‍රී ලංකා රේගුව

ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා - ශ්‍රී ලංකා රේගුව

රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන රැසක් ව්‍යාජ ලිපිලේඛණ සකසා මෙරට ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණ වී තිබෙනවා.

ජාවාරම මෙහෙයවූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට වාහන 423ක් පිළිබඳව තොරතුරු හෙළිකරගෙන ඇති බවයි වළාන දූෂණ මර්දන ඒකකයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

සුඛෝපභෝගී මෝටර් රථයක ලියාපදිංචිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියා සතුවද මෙලෙස ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ සුඛෝපභෝගී මෝටර් රථයක් තිබී සොයාගෙන තිබෙනවා.

මෙම ජාවාරමට සහය දැක්වූ අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වළාන දූෂණ මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com