ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන, විදුහල්පති පුරප්පාඩු ඉදිරි මාස 2 ඇතුළත

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක්

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක්

ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන, විදුහල්පති පුරප්පාඩු ඉදිරි මාස දෙක ඇතුළත පිරවිය හැකි බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගුරුවරු 26,000ක් සඳහා තවත් පුරප්පාඩු පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින අතුරු තහනම් නියෝගය ඉවත් කළේ නම් ඒ සඳහා නව ගුරුවරු බඳවා ගැනීමට හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

අධ්‍යාපන පරිපාලන සේවයේ ද පුරප්පාඩු 900ක් පවතින බවත්, ලබන වසරේ එම විභාගය පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. පළාත් සභා මගින් නවක උපාධිධාරින් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 980ක් තිබෙනවා. පළාත් පාසල් වල ගුරු පුරප්පාඩු 32613ක් තිබෙනවා. මුළු පුරප්පාඩු ගණණ 33,534ක්. පසුගියදා විද්‍යාපීඨ වලින් පිටවුන් ගුරුවරු 7342කට නව පත් වීම් ලබා දුන්නා යැයිද අමාත්‍යවරයා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *