අගවිනිසුරුට එරෙහිව නාගානන්ද ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභ කරයි

නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි
නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
මෙම පෙත්සම අසත්‍ය පදනම් විරහිත හා නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන ගොනුකර ඇති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසටයි නීතිපතිවරයා මූලික විරෝධතා මතුකරමින් පෙන්වා දුන්නේ.