අරගලය පිළිබදව “වෙරිටේ රිසර්ච්” ආයතනයේ අලුත්ම සමීක්ෂණ අනාවරණය

අරගලය පිළිබදව "වෙරිටේ රිසර්ච්" ආයතනයේ අලුත්ම සමීක්ෂණ අනාවරණය

අරගලය පිළිබදව "වෙරිටේ රිසර්ච්" ආයතනයේ අලුත්ම සමීක්ෂණ අනාවරණය

2022 පැවති අරගලය මෙරට කිසිදු කෙනෙක්ට අමතක නොවන සිදුවීම් පෙළක්.

මෙම අරගලයේදි මිනිසුන් අරමුණු කරගත් අභිලාශයන් ඉටු වෙලාද කියන එක බොහෝ දෙනෙකුට ගැටලුවක්. මේ පිළිබදව වෙරිටේ රිසර්ච් ආයතනය කළ සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා.

අදාල සමීක්ෂණ ඇතුලත් නිවේදනය පහතින්, උපුටා ගැනීම.

අරගලයේ අභිලාෂයන් ඉටුවෙලා නැහැ, ජනතාවගෙන් 60%ක් කියයි රට ගොඩගන්න නම් දූෂිත අයහපත් පාලනය හරි ගැස්විය යුතු බව 51%ක් කියයි වෙරිටේ රිසර්ච් කළ ජනමත විමසුමකින් හෙළිවේ.

ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගෙවන තැන,‘අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නොමැති බව රටේ ජනතාවගෙන් 60%කගේ අදහස යැයි වෙරිටේ රිසර්ච් කළ ජනමත විමසුමකින් අනාවරණය වී ඇත.

රටේ ජනතාවගෙන් 51%ක ප්‍රමාණයක්, රට ගොඩගැනීමට නම් දූෂිත අයහපත් පාලනය හරි ගැස්විය යුතු බවද කියා සිටී.

පැවති පාලනයට විරෝධය දක්වමින් 2022 අප්‍රේල් මස 09 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියට පිරිස් රැස්විය.

අරගලයට විශාල අවධානයක් හිමි වූයේ එයත් සමගය. එම වසරේම අගෝස්තු මස 10 වැනිදා ගාලුමුවදොර පිටියේ එතෙක් රැඳී සිටි සියල්ලන් ඉවත්ව ගියේ ය. එදින සිට අද දක්වා ගෙවී ඇති කාලය හරියටම වසරකි. නව අගමැතිවරයෙක් පත්වීම. නව කැබිනට් මණ්ඩලයක් පත්වීම සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වීම, මෙම සමයේ වූ වැදගත් සිදුවීම්ය.

එවන් පසුබිමක සිට අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන්,සිතුම් පැතුම් ඉටු වූයේද, නැතිද, යැයි ඇසූ පැනයට ‘බොහෝ දුරට නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 60% කි. එම බලාපොරොත්තු,අභිලාෂයන් සිතුම් පැතුම් බොහෝදුරට ඉටු වූ බව පවසා ඇත්තේ 11%ක ප්‍රතිශතයකි. 29%ක් ‘අදහසක් නැත’ යැයි ප්‍රතිචාර දක්වා ඇත. ඉහත පැනයත් සමග රට ගොඩගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක්දැයි යන්න ජනතාවගෙන් විමසා බැලීමද, සිදු කෙරුණු අතර, ඒ සඳහා ප්‍රකාශ 03ක් යොදා ගැනිණ.

එම ප්‍රකාශයන් අතරින්, රට යළි ගොඩනැගීමට නම් දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයට ඉහළම ප්‍රතිචාර හිමිව ඇත. එය ප්‍රතිශතයක් ලෙස 51%කි.දෙවනුවට වැඩිම ප්‍රතිචාර හිමිව ඇත්තේ රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයටය. එය 34%කි. තුන්වෙනි ප්‍රකාශය වූ රට යළි ගොඩනැගීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ස්ථාවරත්වයට මුල් තැන දීම අවශ්‍යයයි යන්නට ලැබී ඇති ප්‍රතිචාරය 15%කි.

සමීක්ෂණය සිදුකරන ලද ආකාරය රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇත. දත්ත එකතු කිරීම සිදු කර ඇත්තේ 2023 ජූනි මාසයේය. දත්ත එකතු කිරීමේ සහාය වෑන්ගාර්ඩ් සර්වේ (පුද්ගලික) ආයතනයෙනි.

ප්‍රතිඵල වල වැරදි ආහිතය 43%ක් වේ. විශ්වාස මට්ටම 95%කි. වෙරිටේ රිසර්ච් සතු Syndicated Survey නම් ජනමත විමසුම් සිදු කිරීමේ ක්‍රම වේදය යටතේ මෙම සමීක්ෂණය දියත් කර තිබේ. වෙනත් ආයතන සහ සංවිධානවලටද, මෙම ක්‍රම වේදය භාවිතා කර රටේ ජනමතය විමසීමට අවස්ථාව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *