ඉස්සන් වගාවට අම්බලන්තොට රජයේ ඉඩම් අක්කර 218ක් ආයෝජකයින්ට

ඉස්සන් වගාවට අම්බලන්තොට රජයේ ඉඩම් අක්කර 218ක් ආයෝජකයින්ට

ඉස්සන් වගාවට අම්බලන්තොට රජයේ ඉඩම් අක්කර 218ක් ආයෝජකයින්ට

කිවුල්දිය ඉස්සන් වගාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩමක් ආයෝජකයින් දෙදෙනෙකුට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දීම.

ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන ප්‍රධාන වාණිජ ජලජීවී වගාවක් වන කිවුල්දිය ඉස්සන් වගාව මඟින් 2021 වර්ෂයේදී මෙට්‍රික්ටොන් 14,414ක නිෂ්පාදනයක් ලබාගෙන ඇති අතර, එය 2025 වර්ෂය වන විට මෙට්‍රික්ටොන් 50,000ක් දක්වා වැඩි කිරීමටද, එමඟින් රුපියල් මිලියන 65,500ක විදේශ විනිමයක් උපයා ගැනීමටද ඉලක්ක කර ඇත.
එසේ වුවද, ජලජීවී වගාව සඳහා යොදා ගත හැකි මෙරට පවතින ඉඩම් ප්‍රමාණය සීමාසහිත වීම වාණිජ ජලජීවී වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට අභියෝගයක්ව පවතී.

මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සීමිත ඉඩක් තුළ ඉහළ ඵලදායිතාවක් ලබා ගැනීමට හැකි නවීන තාක්ෂණය හඳුන්වා දීම ආදී පියවර රැසක් ගෙන ඇත.
ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයට අයත් අක්කර 218ක් සහ පර්චස් 30ක ඉඩමක් අඩු කාලසීමාවකින් වගා චක්‍රයක් අවසන් කළ හැකි වැනමි ඉස්සන් වගාව සඳහා සුදුසු බවට හඳුනාගෙන ඇත.

මෙම ඉඩම, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරා ගනු ලැබ ඇති ඩබ්ලිව්.එස්.ආර්. ලෝව් ඇන්ඩ් කේ.එම්.එන්. ඇක්වා සර්විසස් (පුද්ගලික) සමාගමට සහ රේන්බෝ ෆුඩ්ස් (පුද්ගලික) සමාගමට අක්කර 109ක් සහ පර්චස් 15 බැගින් රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව, වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ධීවර අමාත්‍යවරයා සහ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *