වසරකට එක් වාර විභාගයක්; පාසල් වැඩ පොත කොටස් තුනකින්
2026 අවුරුද්දේ විභාග පැවැත්වෙන දවස්
2024 වසරේ සිට සියලුම ශ්‍රේණි සඳහා වාර්ෂිකව එක් වාර විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එමෙන්ම ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වශයෙන් වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
පාසල් බෑගයේ බර අඩු කිරීමේ අරමුණින් යුතුව මෙය සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.




