විභාග සහතික පත්‍ර විදේශ කටයුතු අමත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම Online ක්‍රමයට

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මාර්ගගත ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරන විභාග සහතික පත්‍ර අගෝස්තු 08 වනදා සිට විදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාර්ගගතව යොමු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් බවයි සඳහන් කරන්නේ.

2001 වසරේ හා ඉන්පසුව පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමවේදය අදාළ වනවා.

මෙමගින් සහතික පත්‍රයේ දෘඪ පිටපතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කරනු ලැබු විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ලබන අතර අයදුම්කරුවන් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත පැමිණීම අවශ්‍ය නොවන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ ඉල්ලීම ලද අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය කෙටි පණිවිඩ මගින් අයැදුම්කරුව දැනුවත් කරනු ලබනවා.

මෙම සහතික පත්‍ර බාහිර පාර්ශ්වයන් සඳහා මර්ගගත්ව සනාථ කර ගැනීමේ පහසුවද සලසා තිබෙනවා.

ඒ සඳහා certificate.doenets.lk යටතේ ඇති issued online certificate මගින් එම පහසුකම සලසා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *