ගුණාත්මක නොවන අධ්‍යාපන ආයතන 81ක් අත්හිටුවලා – කෝප් අනු කමිටුව

ගුණාත්මක නොවන අධ්‍යාපන ආයතන 81ක් අත්හිටුවලා - කෝප් අනු කමිටුව
ගුණාත්මක නොවන NVQ පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 81ක් අත්හිටුවා ඇති බවට වාර්තා වෙනවා.
මේ බව අනාවරණය වූයේ තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමට පත්කළ කෝප් අනුකමිටුව රැස්වූ අවස්ථාවේදී. පුවත්පත් දැන්වීම් හරහා එම ආයතන මුද්‍රා තැබීමට අදාළව ගත් නෛතික පියවර දැනුම්දීමේ අවශ්‍යතාවද එහිදි කෝප් අනු කමිටුව අධ්‍යාපන බලධාරින්ට දැනුම් දී තිබෙනවා.