කිරිපිටි ආනයනය නතර කරන ලෙස ඉල්ලීමක්

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

කිරිපිටි ආනයනය නතර කරන ලෙස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා කිරි නිෂ්පාදන ආයතන විසින් විෂයභාර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙරට කිරි නිෂ්පාදනය මේ වනවිට නැවතත් ඉහළ ගොස් තිබීම සැළකිල්ලට ගනිමින් අදාළ ආයතන රජයෙන් එම ඉල්ලීම කර ඇත.

මෙම ඉල්ලීන්මට අනුව මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ යාම සම්බන්ධව කඩිනමින් වාර්තාවක් සකස් කර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පශු සම්පත් නිලධාරින්ට වහාම උපදෙස් දී ඇත.

අදාළ වාර්තාව සකස් වූ පසු එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර කිරි පිටි ආනයනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පමණක් පසුගිය මාස හය තුළ එළ කිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වා ඉහළ දමා ගෙන ඇති බව හෙළිව තිබේ.

මිල්කෝ සමාගමේ නිෂ්පාදනයද කිරි ලීටර් 19,152,766 දක්වාත් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම ප්‍රමාණය සියයට 30ක පමණ ඉහළ යාමකි.

පැල්වත්ත කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සතුව මෙරට දියර කිරි ආශ්‍රිතව නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ගබඩා කර ඇති බවත් මෙහිදී අවධානය යොමු වී තිබේ.

එම සමාගමේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍ර්ක් ටොන් 500ක් අලෙවි කරගත නොහැකිව ඇති බවටද නිල නොලත් වාර්තාවලින් පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *