කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143න් 115කට මත්ද්‍රව්‍ය චෝදනා

නීති විරෝධී ලෙස මත්පෙති ආනයනය කළාට අවු.12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්
විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80%ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරු වී කුවේට්හි (27)වන දා එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයා සතුව තිබි අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් තිබී එරට ආරක්ෂක අංශ සොයා ගෙන ඇති බවත් අදාළ පුද්ගලයා 2019 වසරේ අත්අඩංගුවට ගෙන ඇති බවත් යාපා මහතා කීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී 2016 වසරේ ගෘහ රියැදුරකු ලෙස මෙම පුද්ගලයා කුවේට් රැකියාවට ගොස් ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ දේහය එප්පාවල පිහිටි ඔහුගේ මව පදිංචිව සිටින නිවසට භාරදීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.