ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ගැන ICCය ගත් තීරණ

ශ්‍රී ලංකාව වෙත ICCය පනවා තිබූ තහනම ඉවතට
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී ලබාදෙන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ICCය විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව ICCය තීරණය කර ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී කාන්තා සහ පිරිමි තරග සඳහා සමාන ත්‍යාග මුදලක් ලබාදීමට ය.
මේ අනුව එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කාන්තා සහ පිරිමි තරග සඳහා ගෙවනුලබන ත්‍යාග මුදල සමාන වනු ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ පැවැති ICC වාර්ෂික රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවය.
මේ අතර එහිදී දේශීය විස්සයි විස්ස ලීග් තරගාවලිවලට බලපාන නව නීති පැනවීමටද ICCය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.