දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් – මහ බැංකු අධිපති

ලබාගෙන ඇති බැංකු ණයවලත් පොලිය පහතට
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමිනි.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳවද මහ බැංකු අධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව 2024 දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 12.4% වන ලෙසත් 2026 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 7.5% වන ලෙසත් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 5%ක් වන ලෙසත් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.
ඔහු මේ බව පවසා ඇත්තේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග (29) පැවැත්වෙන සාකච්ඡාවේදීය.