ආක්‍රමණයකින් රුසියාව අර්බුදයක; ”වැග්නර්” ආරම්භ කළ කැරැල්ල පාවාදීමක්” – පුටින්

ආක්‍රමණයකින් රුසියාව අර්බුදයක; ”වැග්නර්” ආරම්භ කළ කැරැල්ල පාවාදීමක්" - පුටින්

ආක්‍රමණයකින් රුසියාව අර්බුදයක; ”වැග්නර්” ආරම්භ කළ කැරැල්ල පාවාදීමක්" - පුටින්

රුසියාවේ මොස්කව් අගනුවර ආරක්ෂාව තරකර තිබෙනවා.

එරට වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී Yevgeny Prigozhin සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව මෙලෙස මොස්කව් හි ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය කඳවුරට ගුවන් ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් ඝාතනය කර ඇති බවට වැග්නර් කණ්ඩායමේ ප්‍රධානියා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට චෝදනා කළද අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ක්‍රෙම්ලීනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වැග්නර් කුලී හේවා කණ්ඩායම සන්නද්ධ කැරැල්ලක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

රුසියාවේ හමුදා නායකත්වය පෙරළා දැමීම සඳහා තම කණ්ඩායම සියලුම ආකාරයේ ක්‍රියාමාර්ග සඳහා එළඹීමට තීරණය කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී Yevgeny Prigozhin ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව “සන්නද්ධ කැරැල්ලක්” බවට ක්‍රෙම්ලිනය චෝදනා කිරීමෙන් පැය කිහිපයකට පසු වැග්නර් සටන්කාමීන් යුක්‍රේනයේ සිට රුසියාවට දේශසීමාව හරහා ආක්‍රමණශීලී ලෙස ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර වැග්නර් කුලී හේවා කණ්ඩායම ආරම්භ කළ සන්නද්ධ කැරැල්ල පාවාදීමක් බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව “තීරණාත්මක ක්‍රියාමාර්ගයක්” ගන්නා බවයි ජාතිය අමතනින් රුසියානු ජනාධිපති පුටින් පොරොන්දු වී ඇත්තේ.

මොස්කව් සහ ඒ අවට ප්‍රදේශයේ බලධාරීන් පවසන්නේ රොස්තොව්හි හමුදා ස්ථාන තම හමුදාව විසින් පාලනය කරන බව වැග්නර් ප්‍රධානි Yevgeny Prigozhin ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන් “ත්‍රස්ත විරෝධී” හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

රුසියාවේ FSB ආරක්ෂක සේවය මගින් සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීම නිසා Yevgeny Prigozhinට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර ඇති බව රුසියාවේ TASS ප්‍රවෘත්ති කාර්යාලය සඳහන් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *