උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පෙත්සමක් යවයි

උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පෙත්සමක් යවයි
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වන හානි බලපෑම් හා තර්ජන වහාම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා වෙත (13)වන දා පෙත්සමක් යවා තිබෙන බවට වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලගදීම ඉන්දියාවේ සංචාරයක් අරඹන බැවින් එහිදී පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කොට අවසන් විසදුමක් ලබා ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් උතුරේ ධීවර සමිති එකමුතුව ඉල්ලා තිබේ.