ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ

ගතවු දින 10ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක්
මෙරට මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා. එමෙන්ම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 42,000 සීමාව පසුකර තිබෙනවා.
මේ අතර ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවන වසර බවට මේ වසර පත්විය හැකි බව වෛද්‍යවරුන් පවසන්නේ. ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.