රු. 1,17,00,000 මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

0
වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමට විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමට විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

පැමිණිලි කිහිපයකට අනුව රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැස්බෑව නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය එළඹෙන 23වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

පැමිණිලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම්ද පවසමින් ඇය මෙම වංචා සිදු කර ඇති බවය. ඇයට එරෙහිව පිලියන්දල පොලිසීයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11කි. මුදල් ලබාගත් බව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත් පිටපත් ඇතුළු ලිපිලේඛණ පැමිණිලිකරුවන්ට ලබාදී තිබේ.

හිටපු නාගරික මන්ත්‍රීවරියගේ දුරකථනයෙන් වට්ස්ඇප් පණිවුඩ හරහා මුදල් ඉල්ලීම් ගනුදෙනු සිදුකර ඇති බව අනාවරණය වී ඇත. ලබාගත් මුදල් ලබාදෙන ලෙසට ඉල්ලීම් කිරීමේදී සැකකාරිය තමන්ට තර්ජන කළ බව පැමිණිලිකරුවන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com